Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

ලින්ඩ්සේ ලෝහන් සහ ඉගෝ තරබසොව් අතර ප්‍රේමයක් හට ගැනුණේ මෑතකදීයි. ටික කාලයකින්ම මේ සුපිරි හොලිවුඩ් නිළියගේත් රුසියානු ජාතික ව්‍යාපාරිකයාගේත් පෙම් කතාව නිමාවට පත්වුණා.

ඒ සමඟම විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් උත්සාහ කළේ ලින්ඩ්සේ - ඉගෝ සබඳකම පැවැති කාලයේදී සිදුවූ අමිහිරි සිදුවීම් හාරා අවුස්සන්නයි. පසුගිය දා, රුසියාවේ රාජ්‍ය රූපවාහිනී නාළිකාවක ජනප්‍රිය සංවාදාත්මක වැඩසටහනකින් ලින්ඩ්සේට ඇරයුමක් ලැබුණේ ද එවැනි ලට-පට අවුස්සන්නට මිස වෙනත් විශේෂ කාරණයක් කතාබහ කරන්නට නොවෙයි.

ලින්ඩ්සේ එම ඇරයුමට ප්‍රතිචාර දැක්වූයේ ඇගේ ඉල්ලීම් කිහිපයක් ඉටුකළොත් වැඩ සටහනට සහභාගි වන බව ප්‍රකාශ කරමින්. මේ සුපිරි තාරකාවිය පවුම් 500,000 ක් සහ රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්ව මුණ ගැසීමට අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලා සිටියා. මේවා පමණක්ම නොවෙයි, රුසියාවට යෑමට ඇයටම වෙන්වූ ගුවන් යානයක්, වසරක කාලයක් සඳහා රුසියානු වීසා බලපත්‍රයක් සහ ලොව අනර්ඝතම සමාගමක නිෂ්පාදිත වටිනා ඇඳුම් කට්ටලයක් ද මේ ඉල්ලීම්වලට ඇතුළත් වෙනවා.

ලින්ඩ්සේගේ ඇතැම් ඉල්ලීම්වලට රූපවාහිනී චැනලය එකඟ වී තිබෙනවා. නමුත් ඇය සමඟ තවදුරටත් මේ ගැන සාකච්ඡා කරන්නටයි එහි බලධාරීන් තීරණය කර ඇත්තේ.

-
අනූව දශකයේදී මධුරි ඩික්සිත්ගේ රංගනය උන්මාදයක් වූවා යැයි කීම වරදක් නැහැ. රසික ආකර්ශනය ඉහළින් දිනාගත් බොලිවුඩ් නිළියන් අතරේ මධුරිගේ නර්තනය සුවිශේෂි වුණා. මධුරි රගනයෙන් දායක වන සිනමා නිර්මාණ ඇයගේ අපූරු නර්තනයෙන් වඩාත් සුන්දර වෙන්නත් හේතු වුණා.

මධුරි පසුගිය දවසක රියලිටි නර්තන තරගයක විනිශ්චයකට දායක වුණා. මටත් මගේ තාත්තා නිතරම සිහි වෙනවා. ඇය එහිදී පැවැසුවේ බොහොම හැඟීම්බරව. එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා.

මේ රියලිටි තරගාවලියේ ආර්යන් පත්‍රා නම් තරුණයා ඉදිරිපත් කළ නර්තනය ඇය මෙන්ම විනිශ්චය මණ්ඩලයේ සිටි අනෙකුත් සමාජිකයන් දෙදෙනාවත් සංවේදි කළා. ඔහු ඉදිරිපත් කළ නර්තන අංගයෙන් කියවුණේ ‘පියෙකුගේ සැඟවුණු ආදරය’ ගැනයි. අද ගොඩක් දරුවන්ට අම්මා තාත්තා තමන් වෙනුවෙන් කළ දේවල් අමතක වෙනවා. එහෙම නොවී ඉතාම ආදරයෙන් ඔවුන් රැකබලා ගත යුතුයි. මට නිතරම මගේ තාත්තා සිහිපත් වෙනවා. මේ නර්තනය දුටුවාම එය තව තවත් වැඩි වුණා. මධුරි කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.
-
ප්‍රවීණ නළු හැරිසන් ‍ෆෝඩ්ට පසුගිය සතියේ අතිශය අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා. ඔහු විසින්ම පදවාගෙන යනු ලැබු කුඩා ගුවන් යානය හදිසියේම කඩා වැටුණු බවයි හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ. මේ අනතුරෙන් ඔහුගේ හිස තුවාල වී තිබුණා.

හිසට තදබල ලෙස තුවාල සිදුවූ නිසා එයින් රුධිරය ගලමින් තිබුණු බවත් ඒ මොහොතේදී ඔහු සිහිසුන්ව සිටි බවක් පැවසෙනවා.

හැත්තෑ දෙහැවිරිදි හැරිසන් ෆෝඩ් පදවාගෙන ගියේ ඔහුටම අයිති ආසන දෙකක් සහිත ගුවන් යානයයි. මේ ගුවන් යානය කඩා වැටුණේ ලොස් ඇන්ජලීස් නුවරට සමීප ගොල්ෆ් ක්‍රීඩා පිටියකටයි.

තනි එන්ජිමක් සහිත ගුවන් යානයක් ‍ගොල්ෆ් ක්‍රීඩා පිටියට කඩා වැටී තිබූ බවත් එහි නියමුවාට බරපතළ තුවාල සිදුවී තිබු බවත් හැරිසන් ෆෝඩ්ව හඳුනා නොගත් ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයකු පැවසුවා.

“අපි එතනට යනකොට ඒ තැනැත්තා බරපතළ තුවාල ලබා සිටියා. අපි ඉක්මනට ඔහුව ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කළා.” සේවකයා තව දුරටත් පැවසුවා.

හැරිසන් ෆෝඩ්ව ඇතුළත් කර තිබුණේ රොනල්ඩ් රේගන් වෛද්‍ය මධ්‍යස්ථානයටයි. තම පියා සුවය ලබමින් සිටින බවයි පසුගිය සතියේ තම ට්විටර් පිටුවෙහි සටහනක් තැබූ හැරිසන්ගේ පුතු බෙන් ප්‍රකාශ කළේ.
-
ධනුෂ් කොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේත් ජනප්‍රිය වූ රංගන තරුවක්. ‘වයි දිස් කොලවරි’ ගීතය සමගින් පසුගිය කාලයේ ඔහුගේ ජනප්‍රියත්වය ලොවපුරා පැතිර ගියා. බොලිවුඩයේ රජ වූ අමිතාබ් බච්චන් සමගින් රංගනය මේ යොවුන් තරුවට ආශිර්වාදයක් වෙලා. ඒ තම සිත් ගත් සුපිරි තරුව සමඟ රංගනය කාලයක සිට තිබූ විශාල බලාපොරොත්තුවක් වූ නිසයි.

අමිතාබ්ගේ චිත්‍රපට නැරඹීම ධනුෂ්ගේ විනෝදාංශයක්. ‘ශෝලේ’ සහ ‘දීවාල්’ අමිතාබ් රඟපෑ චිත්‍රපට අතුරින් වඩාත් ප්‍රිය කරන චිත්‍රපටයන්ය. ඒ වුණත් අමිතාබ් රඟපෑ චිත්‍රපටවල නව නිෂ්පාදනයන්හි අමිතාබ්ගේ චරිත නිරූපණයට නම් ධනුෂ්හට බලාපොරොත්තුවක් නැහැ. “ඒ වෙනුවෙන් මම තවම සුදුසුකම් ලබලා නැහැ.” ඔහු පවසනවා.

අමිතාබ් බච්චන් බොලිවුඩයේ රජ වෙන විටදී කොලිවුඩයේ අභිෂේක ලබන රැජිනිකාන්ගේ බෑණන්ඩිය වූ ධනුෂ් හට අමිතාබ් සමග රංඟනයට අවස්ථාවක් ලැබෙන්නේ ඒ ආර්. බාලක්‍රිෂ්ණන් අධ්‍යක්ෂණය කරන ‘ශමිතාබ්’ චිත්‍රපටයෙන්.

පසුගිය කාලයේ ධනුෂ් වැඩි කාලයක් වෙන්කළේ හින්දි භාෂාව ඉගෙනීම වෙනුවෙන්. ඔහු ඒ සඳහා උපකාරක පංතිවලටත් සහභාගි වෙලා. ධනුෂ් දැන් නිරතරම පවුලේ ඥාතීන් සහ තම මිතුරන් සමගින් හින්දි භාෂාවෙන් කතාබහ කරන්නත් පටන් අරන්. කොලිවුඩයේ රඟපෑ ඔහු බොලිවුඩයට පැමිණියේ ආනන්ද් එල්. රායිගේ ‘රන්ජානා’ චිත්‍රපටයෙන්. ‘ශමිතාබ්’ ධනුෂ්ගේ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය යි.
-
සානියා මිර්සා තාරකාවක බවට පත්වූයේ ටෙනිස් ක්‍රීඩාවෙනි. ඇය සිනමාවේ තරුවක් ලෙස ජීවමාන කිරීමට සිනමාකරුවන් තීරණය කර අවසානය. මුලදී මේ ගැන සානියා එතරම් මනාපයක් නෙපෙන්නුවද දැන් නම් ඇය ඊට හොඳින්ම මනාප පාටය. සානියා තම සැමියා සොහේබ් මලික් ලෙස සිනමාපටයේ රඟනු දැකීමට කැමැති සල්මන් ඛාන්ය. තමාගේ චරිතයට දීපිකා පදුකෝන් තෝරා ගන්නවාට ඇය වඩාත් කැමැතිය. මේ දිනවල සානියා ‘අගේන්ස්ට් ඕල් ඔඩ්ස්’ නමින් ස්වයං චරිතාපදානය ලියමින් සිටින්නීය.

බොලිවුඩ් තිරයේ ජීවමාන වීමට තවත් බොහෝ ක්‍රීඩා තරු නාම පෙළ ගැසී ඇත.

1983 දී ඉන්දියාවට ක්‍රිකට් ලෝක කුසලානය රැගෙන ආ කපිල් දේව්ගේ චරිතය ද, තිර චරිතයක් වීමට නියමිතය. රන්දීප් හෝඩා කපිල් දේව්ගේ චරිතය රඟපෑමට තෝරා ගෙන ඇත. සිනමාපටයේ නිර්මාතෘ ද හිටපු කඩුලු රකින්නකු වූ සංජේ පුරාන් සිං චෞවාන් වීම ද දෛවෝපගත සිද්ධියකි.

යුවරාජ් සිං ‘ටෙස්ට් ඔෆ් මයි ලයිෆ්’ නමින් ජීවන චරිතය අළලා ලියන කෘතිය සිනමාවට නැඟීමට පූර්ණ අවසරය ලබා දී අවසානය. ක්‍රීඩා ජය පරාජයන්, පිළිකාවෙන් ලැබූ ජය ඇතුළත් සංවේදී සිනමා සිත්තමක් පේ‍්‍රක්ෂකයන් වෙත තිළිණ කිරීමට බලා සිටින්නේ නළු අභිෂේක් බච්චන්ය. මේ අතර නළු සුෂාන්ත් සිං රාජ්පුට් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතාපදානය සිනමාවට ගෙන ඒමේ සිහිනය දකී. ‘එම්. එස්. දෝනි – ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ නමින් 2015 වසරේදී ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට නිෂ්පාදකයා බලාපොරොත්තු වෙයි. මිල්කා බාග් සහ මේරි කොම් ජීවන චරිත සාර්ථකවීමත් සමඟ ජීවන චරිත සඳහා බොලිවුඩ් තිරයේ ඇත්තේ හොඳ ඉල්ලුමකි.

එක්තා කපූර් අධ්‍යක්ෂවරියගේ අවධානය යොමු වී තිබෙන්නේ හිටපු ක්‍රිකට් නායක මොහොමඩ් අසරුදීන් චරිතය පිළිබඳවලු. ඔහුගේ ක්‍රිකට් දිවිය මෙන්ම පෙම් සබඳතා ද රසවත්ය.

ජය පරාජයන්ගෙන්, මිතුරුකම්, ද්‍රෝහිකම්වලින් පිරි, මතභේදයට තුඩුදුන් ජීවන අන්දරයකට හිමිකම් කියන සෞරව් ගන්ගුලි ද සිනමාවේ ජීවමාන වන්නට නියමිත චරිතයකි.

‘ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා’ සචින් තෙන්දුල්කාර් ගමන් කළේ රෝස මල් පෙති ඇසිරූ මාවතක වුවත්, ඔහුගේ කථාව සිනමාවට නැඟුණු පසු ආදායම් වාර්තා පිහිටු වන බව නම් නොඅනුමානය.

අසමසම ක්‍රිකට් ක්‍රීඩක මන්සුර් පතාවුදි ඛාන්ගේ බිරිය ෂර්මිලා තාගෝර් බොලිවුඩයේ සුරූපී තාරකාවකි. පුතු සායිෆ් අලි ඛාන් ද සිනමාවට දායාද වී අවසානය. ඒ අනුව මන්සූර් අලි ඛාන් පතාවුදි චරිතය සිනමාවට බොහෝ දුරට නැඟීමට ඉඩ ඇති චරිතයකි. උප නායක විරාත් කෝලි නම සිනමාව හා සබැඳෙන්නේ අනුෂ්කා ෂර්මා තාරකාව නිසාය. යාෂ් රාජ් සිනමා නිර්මාණයක් ලෙස මේ දෙදෙනාගේ රංගනයන් ඇතුළත් සිනමාපටයක් ඉදිරියේදී බිහිවීමට බොහෝ දුරට ඉඩ ඇත.
-

හොලිවුඩ් සිනමා ලොවෙන් වරින්වර අහන්නට ලැබෙන පෙම් බැඳුම්වල නිමාවක් නැහැ. මේ එවැනිම පෙම් කතාවක්. මෙහි සිටින්නේ මයිලි සයිරස් සහ පැට්‍රික් ශ්වසනෙගර්. පෙම්වතිය මිලේ. පෙම්වතා තමයි, පැට්‍රික්. ඔහුගේ වාසගම දැක්කාම නිතැතින්ම මතකයට එන නමක් තියෙනවා. ඒ, හොලිවුඩයේ සුපිරි නළුවෙකු සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ආනෝල්ඩ් ශ්වසනෙගර්.

පැට්‍රික්, මේ සුපිරි රංගන ශිල්පියාගේ පුත්‍රයායි. ඔහු ද හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරුවක්. මිලේ සයිරස් ද ජනප්‍රිය සිනමා තරුවක්, ගීත රචිකාවියක් සහ ගායිකාවක්. පැට්‍රික් සහ මිලේ ගේ පෙම් සබඳකම ගැන වගතුග විටින් විට මාධ්‍ය ඔස්සේ හෙළි කෙරුණා. පසුගිය සතියේ ආරංචි පැතිරී ගියේ මේ දෙදෙනා ලොස් ඇන්ජලීස් නුවර පිහිටි පැට්‍රික්ගේ නිවහනෙහි කාලය ගත කළ බවයි.

මේ බව ඉව වැටුණු පැපරාසි මාධ්‍යවේදියකු වාර්තා කර තිබුණේ ඒ මොහොතේ මිලේ හැඳ සිටියේ ‘මිකී මවුස්’ කාටුනයකින් විචිත්‍රවත් වූ අත් දිග කමිසයක් සහ කෙටි ඩෙනිම් කලිසමක් බවයි.

පැට්‍රික් හැඳ සිටියේ අළු පැහැති කමිසයක් සහ කළු පැහැති කලිසමක් බවත් මේ මාධ්‍යවේදියා සඳහන් කර තිබුණා. දෙදෙනා නිවෙසින් පිටව යද්දී පැට්‍රික්, මිලේට පසු පසින් ගමන් කළ බවත්, ඒ මොහොතේදී ඔහු බෝතලකින් වතුර වැනි යමක් පානය කරමින් සිටි බවත් සඳහන් වී තිබුණා.



-
දක්ෂතා රැසකින් පරිපූර්ණ නිළියක වන ප්‍රියංකා චොප්රා ජාත්‍යන්තරයට මුදා හැරි ඉන් මයි සිටි ගීත ඇල්බමයෙන් පසුව බොලිවුඩ් චිත්‍රපට ගීත ගායනය සඳහා එක්ව තිබෙනවා. මේ වන විටත් ඇය සෝයා අක්තාර්ගේ දිල් දක්නේ ඩෝ අලුත්ම චිත්‍රපටයේ ගීත ගායනය සඳහා එක්ව ඇත්තේ ලොස් ඇන්ජලීස් බලා පිටත් වීමට පෙරදී වේ. පසුගිය 12 වනදා බන්ද්‍රා ස්ටුඩියෝවේදී මෙම ගීතය පිටිගත කර තිබේ.

මීට පෙර ප්‍රියංකා මේරි කොම් චිත්‍රපටයේ ළමා ගීතයක් ගායනා කර ඇත. අලුත් චිත්‍රපටයේ ඇය සම්පූර්ණ ගීතයක් ගායනා කරයි. මෙහි සංගීතය ශංකර් ඊෂාන් සහ ලොයි විසින් නිර්මාණය කර ඇත.

ප්‍රියංකා ලොස් ඇන්ජලීස් බලා පිටත්ව යෑමට පෙර කියා ඇත්තේ චිත්‍රපට ගීත ගායනයට එක්වීම සඳහා ඇයට දැන් අවසර ලැබී ඇති බව සහ චිත්‍රපට ගීත ගායනය සඳහා එක්වීම ඇයට විනෝද ජනක කාර්යයක් වූ බවයි. 
-